සැපේ දී මෙන් දුකේදීත් සම්පතක් යයි සිතමින් තමන් ලද
ලිපේ තිබූ බත බෙදා ගෙන කෑ යුගේ නැඟි මිහිමතේ රන් දද
හපේ කර ඇති මිනිස්කම දැවි දැවී නුඹ කුස නැඟේ දුම් කඳ
අපේ උරුමය එකා වාගේ විසීමයි නෑ මිතුරුකම මැද
ගතේ සවියෙන් පුරන් වන්නට නුදුන් බිම් කඩ ගොවි පලක්වී
කෙතේ සහලට ගෙවත්තේ එළවළු මිරිස් අල බතල එක්වී
සිතේ සැනසුම සතුට ගොනු වී තිබූ සාමය මහා මෙ රක් වී
අතේ ගිණිගෙන දැවෙයි නොරටින් ගෙනා දේ ඇගැයුමට ලක්වී
එදා නරවිරුවන් තැනූ වැව් අමුණු දාගැබ් දෙවොල් පන්සල්
සදා නුස්මරණීය වී ඇත කළේ ඒවා බලා තුන්කල්
බෙදා දී සිප් සතර බුදුපුත්වරුන් වී සැරසරන පොත්ගුල්
උදා කළ දියුණුවෙන් වන්නේ සිතනවිට සුවඳුක් ය නෑඹුල්
පොලොන් නරු සීගිරි අනුරපුර වගේ නටඹුන් රැඳුණ තැන්වල
නිධන් ගත වටිනාකමක් ඇත යුගෙන් යුගයට පෙර ගමන්කළ
රකින් නට යයි කියා ඒවා සැකය ඇති කර සිත් සතන් තුළ
පිඟන් ගඩොලින් වසා දැම්මොත් ලකුණු නැත පෙර රජ දහන්වල
ලිපේ අළු ටික පොහොර වුවහොත් ගහක් පැලයක් වුව හැදේවී
පිපේ නම් එහි සුවඳ කුසුමක් සුගන්දය දස අත හමාවී
අපේ උරුමය දවාලන්නට නොදී විදු කිරණට මුවාවී
කපේ පවතින තුරා රැකගමු සොබාදම හිටියත් හරස්වී
අපි හරි වාසනාවන්තයි….!
ඊයේ අපේ ඉස්කොලේට singer ආයතනයෙන් බස් එකක් ආවා.laptop පරිගණක තමයි බස් එකේ තිබුණේ.අපි බස් එකට නැගලා වැඩ කලා.ඒ වගෙම ඒ අය අපිට ict ගැන ගොඩක් විස්තර කියලා දුන්නා.අපි වැඩත් කලා.ගාල්ල දිස්ත්‍රික්කයේ singer ආයතනයේ කළමණාකාරතුමා උපුල් කොස්වත්ත මහතාත්
ආවා.ඒ අය අපේ ඉස්කෝලෙට ආවේ අරුණ සර් නිසා.ඒ අය ජල විදුලි බලාගාරයටත් ගියා.ජල විදුලි බලාගාරය දැකලා ඒ අය ගොඩාක් සතුටු උනා අපේ වගේ පුංචි ඉස්කෝලයක් මේ වගේ ලොකු වැඩක් කරලා තියෙන එක ගානේ.
අනෙකුත් ජාතික පාසල් තිබුණත් ඒ අය අපේ පාසලට පමණක් මේ වැඩසටහන පෙන්නන්න ආවේ අපේ සර් නිසා.ඒ අය අපේ සර් ගැන ගොඩක් හොද කිව්වා.අපිටත් ගොඩක් දේවල් කියලා දුන්නා.ඉතින් අපිට ගොඩක් සතුටුයි.මේ වගේ අවස්ථාවක් අපට ලබා දුන් ගාල්ල දිස්ත්‍රික්කයේ singer ආයතනයේ කළමණාකාරතුමා උපුල් කොස්වත්ත මහතා ඇතුළු සැමට අප පාසල වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕන.