මගේ ඇසින්දකින ලෝකය, ඔබේ ඇසින් දකින්නට….

බලා සැනසෙන්නට නොව බලා විමසන්නට…

හොල්මන්, අවතාර විශ්වාස කරනවද?

හොල්මන් අවතාර විශ්වාස කරන්න ආමාරුයි.ඒත් අද සමාජය දෙස බැලුවහම හොල්මන් අවතාර පිළිගන්න අය ජීවත් වෙනවා.අපට හොල්මන් අවතාර ගැන මුලින්ම දැන ගන්නේ අපි පුංචිම කාලයේදී.කොහොම උනත් ඉතින් ලොකු කුඩා කවුරුත් හොල්මන් අවතාර ගැන කථා අහන්න තියෙන්නෙ පුදුම කැමත්තක්නෙ.බොහෝ පොත්පත්වලත් හොල්මන් ගැන සදහන් වෙනවා.

සමහර අය මේ හොල්මන් අවතාර දැකල තියනව කියලත් කියනවනෙ. විද්‍යාත්මකව ඔප්පුකරල නැති උනාට හොල්මන් අවතාර කියල දෙයක් ඇත්තටම තියනව වෙන්නත් පුලුවන්.සමහර ස්ථාන වල හොල්මන් අවතාර තියනව කියල අපිට අහන්න ලැබෙනව. පාලු ගෙවල්, සොහොන් පිටි වගේ තැන්වල හොල්මන් අවතාර ගැවසෙනව කියල බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.ඇත්තෙන්ම මම නම් හිතන්නේ හොල්මන් කියලා දෙයක් නැහැ කියලා.පාලු ගෙවල්,සොහොන් පිටි ළගින් යන කොට සමහර අය කියනවා ඔතන හොල්මන් ඉන්නව කියලා.එතකොට ඒ පුද්ගලයාට ඒ ගැන බය හිතෙනවා.එතනින් යන කොට යන්නේ බයෙන්.ගහක කොළයක් බිමට වැටුණත් ඔය ඉන්නේ හොල්මනක් කියලා බයේ දුවනවා.

මට මේ හොල්මන් අවතාර ගැන ලියන්න හිතුනේ අපේ පැත්තෙත් ඔය වගේ සිද්දියක් වුන නිසා.ඒ ගෙදර අය හොල්මන් දැකලා බය වෙලා.දැන් ඒ අයට හොදයි.මම නම් හිතන්නේ හොල්මන් අවතාර තියෙන්නේ ‍අපේ සිත තමයි කියලා. ඇත්තටම හොල්මන් අවතාර කියලා දෙයක් තියෙනවද?ඔයලා හිතන්නේ කොහොමද?

5 Responses to හොල්මන්, අවතාර විශ්වාස කරනවද?

  1. හොල්මන් අඩවිය April 24, 2010 at 12:59 pm

    ඉතින් කියමුකො බලන්න අපිත් හොයන්නෙ හොල්මන් තමයි

  2. Gaminda November 27, 2010 at 8:58 am

    ඔය හොලන් අවතාර කියන්නෙ ප්‍රේතයො වගේ සූක්ශම ශරීර තියෙන අමනුශ්‍ය කොට්ටාශයක් වෙන්න පුලුවන්

  3. Dhananjaya Marasinghe July 28, 2011 at 7:04 pm

    උබේ කතාව හරි හොල්මන් කියල ජාතියක් නෑ ඒකේ ආය 2ක් නෑ
    මම කිසි එලියක් නැති හොල්මන් තියෙනවකියන තැන්වලින් මහ රැ යනව
    කවදාවත් මටනම් හොල්මන් පෙනිලනෑ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.