මගේ ඇසින්දකින ලෝකය, ඔබේ ඇසින් දකින්නට….

බලා සැනසෙන්නට නොව බලා විමසන්නට…

ළඳක් වුණත් වැඩක් වේද.. අවැඩ ඇතොත් පුතේ…

බොහෝවිට නුසුදුස්සා මෙන්ම නුසුදුසු දැයෙන් යම් කාර්යයක් කෙරෙයි නම් එයින් අත්වනුයේ පලවිරහිත භාවයකි. ඇරත් එමඟින් ඇතිවන හානිය ද සුළුවෙන් තැකිය නොහේ.

කිසියම් පුද්ගලයකු ගේ හෝ කිසියම් වස්තුවක අගී බවක් දැනවෙන්නේ ඒ ඒ පුද්ගලයා ගෙන් හෝ ඒ ඒ වස්තුවෙන් ඉටුවන කාර්යභාරය අනු ව ය. ඒ කාර්යය වුවද සුදුසු තන්හි සුදුසු පරිදි සුදුසු තැනැත්තාගෙන් හෝ වස්තුවෙන් කාලීන ව සිදු නොවුව හොත් ඉන් පලක් නොවනු ඇති.

බොහෝවිට නුසුදුස්සා මෙන්ම නුසුදුසු දැයෙන් යම් කාර්යයක් කෙරෙයි නම් එයින් අත්වනුයේ පලවිරහිත භාවයකි. ඇරත් එමඟින් ඇතිවන හානිය ද සුළුවෙන් තැකිය නොහේ.

මේ හේතුව නිසාවෙනි ඇතැම් ක්‍රියාවන් උපන්ගෙයි ම මියැදෙනුයේ. එනිසා යම් වගකීමක් පැවරිය යුත්තේ හෝ පවරා ගත යුත්තේ නිසි සුදුස්සා ම තෝරාබේරාගෙන ය.

එමෙන් ම පවරා ගැනුම ද අදාළ කටයුත්ත තිරසාර ව කළ හැකි නම් පමණක් කළ යුතු ම ය. වස්තූන් කෙරෙන් ද එය ඒ අයුරින් ම සිදුවිය යුත්තේ ම ය. තවද ඉන් ලැබිය යුතු ප්‍රයෝජන නියමාකාරයෙන් නොලැබේ නම් හෝ කළ යුත්තාගෙන් යුතුකම් ඉටු නොවේ නම් හෝ ඒ වස්තුව සේම පුද්ගලයාගෙන් අවැඩක් මිස වැඩක් නොවෙයි.

එවැන්නවුන් මෙන්ම එවැනි වස්තූන් යළි යළිත් “කරපින්නා”ගෙන සිටීමෙන් ගම්‍ය වන්නේ අනුවණ කමෙකි.

මේ බව වටහා නොගත්තෝ දුවන්නන් වාලේ දුවමින් කාලය, ශ්‍රමය මෙන්ම ධනය ද නැති භංග කරගනිති.

එනිසා එවැනි පරිහානින් කාලවේලාසනින් ම වළක්වා ගැනීම ඉතා යෝග්‍ය බවට කදිම පිළිණකි මේ සීපදය ඇරැ දක්වනුයේ.

ළිඳක් වුවත් පළක් වේද
වතුර නැතොත් පුතේ
හඳක් වුවත් පළක් වේද
ඉරක් ඇතොත් පුතේ
ළඳක් වුණත් වැඩක් වේද
අවැඩ ඇතොත් පුතේ
රජෙක් වුවත් වැඩක් වේද
ලෙඩෙක් වුවොත් පුතේ

මේ සීපදය පුරාවට දනවන සංසිද්ධීන් කාහට වුවද මනාව පසක් වනු ඇති. මතු සඳහන් පරිදි පලක් නොමැති දෑ පලක්වේ යැයි යොදා ගැන්මෙන් කිසිදු ප්‍රතිඵලයක් අත් නොවන බවය එයින් පැනෙන්නේ.

ළිඳක් වතුර නැති කළ ඉන් ඇති ඵලය කිම? ඉරක් පායා ඇති කළ සඳක් පායා කුමට? එලෙසම කොපමණ හැඩරුව ඇති ළඳක් නමුත් අසම්මත ක්‍රියාවන්හි නිරත වේ නම් ඇගෙන් සිදුවන්නේ අයහපතක් ම විනා කවර යහපතක්ද? . සක්විති රාජ උත්තම තත්ත්වයට පාත්‍ර වූ පුද්ගලයා සදාකාලික ලෙඩෙක් නම්, ඒ රාජ්‍යයට කවර නම් පිළිසරණක් ද?

මේ අපූරු අත්දැකීම් වත්මන් සමාජ සංස්ථාවන් තුළ තිබිණි නම් කවර දෙසක් වුවද පරිහානියට පත් නොවන්නේ මැයි. එහෙයින් සුදුස්සාට සුදුසු තැන, සුදුසු දෙයින් සුදුසු කටයුතු කිරීම් හා සුදුසු අවස්ථා පසක්කර ගැනීම් ඉතා වැදගත්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.