මගේ ඇසින්දකින ලෝකය, ඔබේ ඇසින් දකින්නට….

බලා සැනසෙන්නට නොව බලා විමසන්නට…

නායකත්ව පුහුණුව අපේ ජිවිත නව මගකට පෙරළුවා.

මම අද ලියන්න හිතුවේ අපේ පාසලෙන් එක්කගෙන ගිය තවත් දැනුම සතුට පිරි ගමනක් ගැන.මේ ගමන ඇත්තෙන්ම සුන්දරයි.දැනුම සතුට පිරි තෝතැන්නක්.

 ඔන්න ඉතින් අපේ පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලේ රැස්වීමක් කැදෙව්වා.ඒ වේලාවේ  ශිෂ්‍යනායක මණ්ඩලයභාර සුදත් සර් අපිට කිව්වා ශිෂ්‍යනායක පුහුණුවක් ඇඹිලිපිටි‍යේ ග්‍රාමීය නායකයන් පුහුණු කිරිමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ තියෙනවා කියලා  ජුනි 02,03 දින දවස් දෙකේ.ශිෂ්‍යනායක මණ්ඩලයේ සියලු දෙනාම  එහේ යන්න ලෑස්ති වෙන්න කියලා කිව්වා.අපි ඉතින් සතුටින් එහේ යන්න සියලු කටයුතු සුදානම් කර ගත්තා. අපි ඔන්න ජුනි 01 වෙනිදා උදෙන්ම එහේ යන්න පිටත් වුණා.මොකද අපිට 01 වෙනිදා සන්ද්‍යාවේ දේශනයක් තියෙන නිසා ..අපි මෙහෙන් උදෙන්ම පිටත් උනේ යන ගමන් හමුවෙන විශේෂ තැන් කිපයක් බලන්නත් ඕන නිසා. 01වෙනිදා අපි මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයට, මඩුවන්වෙල වලව්ව ට එතකොට සංඛපාල විහාරය බලන්න ආදී ස්ථාන රැසක් බලන්න ගියා.සවස 04 විතර වෙනකොට අපි ඇඹිලිපිටිය ග්‍රාමීය නායකයන් පුහුණ කිරීමේ මධ්‍යස්ථානයට ලගා වුණා. අපිට ටිකක් බය හිතුනා.මොකද අපි මීට කලින් මේ වගේ වැඩසටහන්වලට සහභාගි වෙලා නැති නිසා.ඒ ආයතනයේ හිටිය අය හරිම කරුණාවන්තයි.අපිට හැමදේටම මග පෙන්නුවා.

අපිට හරියටම රැ 7.00 ට දේශනයක් තිබුණා.පාසල් 06 ක් මේ වැඩසටහනට සහභාගී වෙලා තිබුණා.ඒ දේශනයේදී අපිට කියා දුන්නා අපි මේ ආයතනයේදී හැසිරෙන ආකාරය පිළිබදව.ඇත්තටම එක අපිට ගොඩක් වැදගත් උනා. අපිට හැමදේකටම වේලාවක් නියම කරලා තිබුණා.අවදි වෙන්න,කෑම ගන්න,ව්‍යායාම කරන්න,ජාතික ගීය ගායනා කරන්න,දේශනවලට සහභාගි වෙන්න,විනෝද ක්‍රීඩා කරන්න මේ හැමදේකටම අපිට වේලාවක් නියම කරලා තිබුණා.ඉතින් මේ රත්‍රි දේශනයේදී අපිට මේ දවස් දෙක තුල කරන ක්‍රියාකාරකම් පිළිබද ඇතුලත් කාල සටහනක් දුන්නා.අපි රත්‍රී අහාරය අරගෙන උදෙන්ම අවදී වෙලා තේ පානය කරලා ‍ව්‍යායාම කරන්න පිට්ටනයට ගියා.ඇත්තටම ව්‍යායාම කිරීම තුලින් අපේ දවස ගොඩක් ප්‍රබෝධමත් වුණා. අපිට ව්‍යායාම පුහුණුව දුන්නේ හමුදාපතිවරයෙක්.ඊට පස්සේ අපි උදේ ආහාර අරගෙන දේශනවලට සහභාගී වුණා.ඇත්තටම ඒ දේශන ගොඩක් වැදගත් දේශන.ඒ දේශනවලින් අපිට නායකත්වය කියන්නේ මොකක්ද කියලා දුන්නා.අපි දැනගෙන හිටියේ නෑ සැබෑ නායකයෙක් කියන්න කවුද කියලා.මේ දේශන තුලින් අපිට සෑබැ නායකයෙක් කියන්නේ කවුද කයලා අපිට තේරුම් ගියා. දේශන ඉදිරිපත් කල  දේශක මණ්ඩලය විහිළු තහළු කරමින් අපිට කම්මැලි නොහැදෙන්නෙ විදියට දේශන ඉදිරිපත් කලා ඉතාමත් හරවත් අයුරින්.

මම මේ වැඩසටහන් වලින් වඩාත් ප්‍රිය කල වැඩ සටහන තමයි විනෝද ක්‍රිඩා තරග.මේ වැඩසටහනට සහභාගි උන සියලු පාසල්වල සහෝදර සහෝදරියන් කණ්ඩායම් දෙකකට වෙන් කලා.මම හිටියේ පළවෙනි කණ්ඩායමේ.පළවෙනි කණ්ඩායමත් කොටස් 04 කට බෙදුවා.ඒ වගේ දෙවැනි කණ්ඩායමත් බෙදලා තිබුණා.මම වැටුණු කණ්ඩායමට අපේ ඉස්කොලෙන් හිටියේ මායි තව ළමයි දෙන්නෙකුයි විතරයි.මම ටිකක් බය උනා.මොකද මට හිතුනා මාව කොන් කරයි කියලා.මොකද මුලින්ම ඒ ළමයි මාත් එක්ක කතා කරලා නැති නිසා.කියන්න සතුටුයි කණ්ඩායමේ හිටිය ඔක්කොම අය මාත් එක්ක එකතු වුණා. අපි ඔක්කොම එකතු වෙලා අභියෝගවලට සතුටින් මුහුණ දුන්නා. කණ්ඩායම දිනවන්න ඒකා වගේ කටයුතු කලා. මේ ක්‍රිඩා තරග තුලින් විනෝදයක් ලැබුවා මෙන්ම එම සෑම එකකම නායකයෙකුට ගන්න පුළුවන් ආදර්ශ රැසක් ඉදිරිපත් වුණා.නායකයෙක් කොහොමද අනිත් අය හසුරුවන්නේ, නායකයා කොහොමද අනිත් අය යහමගට ගන්නේ , ඒ වගේම නායකයා කොහොමද කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ , විපත්තියක් උන වේලාවට නායකයා එයට මුහුණ දී අනිත් අය ඒ විපතින් මුදව ගන්නේ කොහොමද ආදී විශාල ආදර්ශ රැසක් ඒ ක්‍රිඩා තුල ගැබ් වෙලා තිබුණා. මේ තරග වලින් අපි අපේ දුර්වලතාත් හදුන ගත්තා. අපිට සෙල්ලම් කරන්න  Game 04 තිබුණා. ඒ සෑම Game එකකටම නිශ්චිත වේලාවක් තිබුණා. අපිට මේ තරගවලදී අපේ බොහෝ දුර්වලතා මතු වුණා.වැඩසටහනේ පුහුණුකරුවන් අපිට අපේ තියෙන දුර්වලතා කියලා දුන්නා.ඇත්තෙන්ම මේ වැඩසටහන අපේ දුර්වලතා හදුනාගන්න බොහෝ සෙයින් උපකාර උනා කියලා කියන්න පුළුවන්.

මේ ආකාරයට දවස් 02 ම ගත වුණා.ලබාගත් අත්දඅකීම් නම් කියලා නිම කරන්න බැහැ.නායකයෙක් උනාම කොහොමද අනිත් අයට ආදර්ශමත් වන ආකාරයට වැඩ කරන්නේ, කාලයෙන් උපරිම පුයෝජන ගන්නේ කොහොමද , නායකයෙක් සතු ගුණාංග , නායකයෙකුගේ සන්නිවේදනය , නායකයෙක් විදියට සිතන්නේ කොහොමද , නායකයා ප්‍රමාද උනොත් මොකද වෙන්නේ , නායකයෙක් හැසිරෙන්නේ කොහොමද , ආදී වශයෙන් නොයෙක් දේ අපිට කියලා දුන්නා. ඉතින් පේ වැඩසටහන අවසන් වුණා.වැඩසටහන අවසන් වුණේ අපේ ප්‍රසංගයකුත් එක්ක. මේ තුලිනුත් දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාවක් අපට ලැබුණා.වැඩමුළුන අවසන් උනා.ඇත්තෙන්ම ඒ වැඩසටහන දැනුම සතුට විනෝදය සපිරි තෝතැන්නක් කියලා කියන්න පුළුවන්.

ඉතින් අපේ ගොඩක් දුර්වලතා තියෙනවා.අපි ඒවා හදා ගන්න ඕන.නායකයෙක් උනාම අනිත් අයට ආදර්ශමත් විදියට වැඩ කරන්න ඕන. නායකයා නිවැරදි මගේ ගියොත් තමයි අනිත් අයත් ඒවා බලාගෙන හැදෙන්නේ. ඉතින් අනාගත නායකයෝ වෙන්න ඕන නම් අපි අද ඉදන්ම වැඩ පටන් ගන්න ඕන.අපේ දුර්වලතා හදුන ගන්න ඕන. හදුනා ගෙන ඒ වැරදි නිවැරදි කර ගන්න ඕන.එතකොට තමයි රටට වැඩදායි පුද්ගලයො වෙන්න පුළුවන්. මෙවැනි පුහුණු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීම  අගය කල යුතු කරුණක් වනවා මෙන්න රට තුල නියම නායකයන් බිහි කරන්න  මෙය එක් අවස්ථාවක් කියලා කියන්න පුළුවන්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.