මගේ ඇසින්දකින ලෝකය, ඔබේ ඇසින් දකින්නට….

බලා සැනසෙන්නට නොව බලා විමසන්නට…

මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා…

කඳු වැටි මුදුන් වල ගස් මුල්  උගුල්ලා
ගම මැද ගැලුව දොල වියළී   ගිහිල්ලා
බියකරු වන සතුන් ගම්දොර ඇවිල්ලා
මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා!

සමනල කොලුපැටව් ගම් දොර නැතුවාද?
නැදෑ මිතුරුකම් ගම හැර ගොස්  නේද?
උත්තම මිනිස් ගතිගුණ දුරුහන්  වීද?
ගමකට මේ කෙරුවෙ කව්රුද මොනවාද?

ගම් මඩු දෙවොල් මඩු බාරය කරණා දිනේ
පංසල කෝවිලේ පුදවිලි තබන  තැනේ
උස්මිටිකම් නැතිව එක් වී පෑව  සෙනේ
මේ ගම් පළාතෙන් ඇයි ඈතකට  වුණේ?

අම්මාවරුන්  කිරි  දානය    තැබුවාම
අනුහස් තියෙනවාලු මුලුගමටම  බෝම
හැදුනොත් ලෙඩ දුකක් කිසිවකු  හට ඒම
උවටැන් කරණවලු මුලුගම  සතුවේම

ළමිස්සියන් ගෙයි දොරකඩ මුවා කොට
සිරිත් විරිත් තිබුණා ගම්  තුලානට
ඇවිස්සිලා නව සංකර  විලාසෙට
මවත් පියත් ඇත ඔහෙ මං මුළාකොට

One Response to මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා…

  1. sameera June 13, 2011 at 7:50 am

    ඇත්ත කතාව ගම දැන් ගම ද කියලා හිතෙනවා …………………..!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.