මගේ ඇසින්දකින ලෝකය, ඔබේ ඇසින් දකින්නට….

බලා සැනසෙන්නට නොව බලා විමසන්නට…

ලෝකය දැකින්නේ ඕන මෙහෙමයි ….

උඩුබැල්ලෙන් හැරී
ලෝකය දකිමි.
කිසිදු වෙනසක් නැත.
එසේ නම්
මට පෙර
ලෝකය ද
උඩුබැල්ලෙන් හැරෙන්නට ඇත.
වඩා නිවැරැදි
කුමන ඉරියව්වෙන් සිට
ලෝකය දෙස බැලීමදැයි
නොදැනේ.
මා යනු
මා පිළිබඳව
මා සිතන දෙය නොව,
මා පිළිබඳව
ඔබ සිතන දෙය ද නොව,
මා පිළිබඳව
ඔබ සිතන දෙය ගැන
මා සිතන දේ යැයි
මිනිසෙක් කියනු ඇසී ඇත.
එබැවින්
මට කැමති
ඉරියව්වක සිටිනවා මිස
ලෝකය දෙස
බැලීමට
නොවෙහෙසෙමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.