රයිගමයයි ගම්පොළයයි
සිංහල අලුත් අවුරුද්ද එලැඹීමේ පීර..ළතිය නිමිත්තෙන් සුගත් සහ සුසන්ත හීන් අඩියක් ගැසීම සඳහා බාර් එකට ගොඩ වූයේ කාර්යාල වේලාවෙන් පසුවය.
’උඹ දන්නවද වැඩක් සුසන්ත. දැන් අවුරුදු දෙකකට කලින් අපේ මාමණ්ඩියගෙ අවුරුදු 25 ක් පරණ අත් ඔරලෝසුව නාන්ඩ ගිය වෙලාවක කැලණි ගඟට වැටුණා. මේ ගිය සුමානෙ, මාමණ්ඩියා කැලණි ගඟේ නාන්ඩ කිමිදෙන කොට අහම්බෙන් ඒ ඔරලෝසුව හම්බවුණා. විශ්වාස කරපන් සුසන්ත, ඒ හම්බවෙන කොටත් ඔරලෝසුව හොඳට දුවනවා.’ දෙකක් දාගත් සුගත් කීවේය.
’ඒක මොකක්ද බං? අපේ මාමණ්ඩියා දැන් අවුරුදු දෙකකට කලින් නාන්ඩ ගිහින් ඔය කැලණි ගඟටම වැටුණා. අවුරුදු දෙකක් ම වතුර යට ඉඳලා මිනිහා ගොඩ ආවේ මේ ගිය සුමානෙ.’ එය අසා සිටි සුසන්ත කීවේය.
’වෙන්ඩ බෑ! යකෝ ඒ මනුස්සයා අවුරුදු 2 ක් වතුර යට මොනවා කළාද?’ සුගත් ඇසීය.
’වෙන මොනවද? උඹලෑ මාමණ්ඩිය ගෙ ඔරලෝසුව වයින් කර කර ඉඳලා.’ සුසන්ත කීවේය.
ලෝක වාර්තාව
“තමුසෙ එක දිගට දවස් ගානක් නිදි මරලා ලෝක වාර්තාවක් තිබ්බයි කියල ආරංචි වෙලයි මම මේ ආවේ මොනවද තමුසෙ නිදා ගන්නෙ නැතුව කළේ හැබෑට…” තම මිතුරාගේ හපන්කම ගැන උදම් වූ අරුණ මනෝජ් ගෙන් විමසීය.
“මම එක දිගටම කල්පනා කර කර හිටියා…” මනෝජ් කීවේය.
“කල්පනා කළා…” මොනවා ගැනද?” අරුණ විමතියෙන් විමසීය.
“කොහොමද ලෝක වාර්තාවක් තියන්නෙ කියල” මනෝජ් කීවේය.
මළේ කොහොමද?
’කොහොමද තමුසෙගෙ කසාද ගෑනු දෙන්නම මළේ?’ ප්රිවයන්ත, සුගත් ගෙන් ඇසුවේ කාර්යාලයේ විවේකයේදී තේ බොමින් සිටියදීය.
’පළවැනි පවුල මළේ හතු වගයක් කාලා. දෙවැනි පවුල ඔළුව පැලිලා මළා..’ සුගත් කීවේය.
’ෂඞ..! කොහොමද එයාගෙ ඔළුව පැලුණේ?’ ප්රියන්ත ඇසුවේ ශෝකයෙනි.
’එයා හතු කන්න බෑ කිව්වා..’ සුගත් පිළිතුරු දුන්නේ ය.
Like this:
Be the first to like this post.
Recent Comments