මාදං හිඹටු අඹ දඹ සහ කජු පේර
තුරු ලිය වලින් පිරි හොඳටම සරු සාර
කෙත්වතු මැදින් ගිය ඇළ දොළ දිය පාර
ගම්මානයකි මිනිසුන් විසු සුර වීර
යල මහ දෙකම සරු වෙල් යායකි ඇත්තේ
එළවලු අල බතල කොටු විය හැම පැත්තේ
කොස් දෙල් පොල් ද මෙහි නොඅඩුව පල ගත්තේ
අග හිඟ කමක් ගම් වැසියන් නොම දත්තේ
ඒ පරිසරය අද වෙනතක යොමුව ඇත
නගරෙක සිරිය පිළිබිඹු වෙයි සියලු අත
සුවිසල් මැදුරු මහ මාවත් විහිද යත
නිසසල ගතිය දැන් මගෙ ගම අසල නැත
නැත අද එදා තිබු ගහ කොළ සහ ලන්ද
ගොළුවිය කුරුලු ගී හඬ අප රස වින්ද
ගැමි පරිසරය වියැකී දන හද බැන්ද
මෙය නගරයක සිරි ගෙන ඇත මනනන්ද
Like this:
Be the first to like this post.
පරිසරයට වෙලා තියන හරිය ගැණ මිනිස්සුන්ට දැන් දැන්වත් දැනෙන එක ගැණ සතුටුයි නංගි.
හොඳයි.