ගිං ගඟ, නුඹ නම් හරි පුදුමයි.

දහසකුත් මිනිසුන්ගේ ජිවිතවලට පණ දුන් ඔබ, කිමදැයි මේ කල විපත. ටිටෙක ජිවිතට පණක් ලබා දුන් ඔබ, කුරිරු ලෙස මෙතරම් චණ්ඩ වුණේ කීම. ඔබ දුන් ජල කදට වඩා, බර වැඩි අද, අනේක විද දෙනෙතින් වැටෙන, අදෝනාබර කදුළු කැට. එහෙත් , පුදුමයි නුඹ අද, කිසිවක් නොවුණු ලෙස කිසිවක් නොකළ ලෙස නැවත ගලායන අපූරුව. (2017-05-26-ගංවතුර නෙළුව)

මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා…

කඳු වැටි මුදුන් වල ගස් මුල්  උගුල්ලා ගම මැද ගැලුව දොල වියළී   ගිහිල්ලා බියකරු වන සතුන් ගම්දොර ඇවිල්ලා මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා! සමනල කොලුපැටව් ගම් දොර නැතුවාද? නැදෑ මිතුරුකම් ගම හැර ගොස්  නේද? උත්තම මිනිස් ගතිගුණ දුරුහන්  වීද? ගමකට මේ කෙරුවෙ කව්රුද මොනවාද? ගම් මඩු දෙවොල් මඩු බාරය කරණා දිනේ පංසල කෝවිලේ පුදවිලි තබන Continue reading “මේකද දේව ශාපයෙ හැටි කියපල්ලා…”

මෙහෙමත් මිනිස්සු

සහ ජීවනය, සාමය සමගිය පෙරට ගනිමින් බොරු සිනා පා යන බව එකට ඉඩලද විටම වාසිය ගැනුමට අතට බෙලි කපනා දිය රෙද්දෙන් ජය පහට බොරු මත වාසියට හරවා දෙසන බණ වැඩ වරදින ලෙසට නොදැනිම කටින වින අදහනු බැරි විලස ඇසුරෙම සිටින දැන අඟපිට සිටම කති සමහරු ලඟම කන හදවත පිවිතුරුයි බස ගමනද සොඳුරූ ලෙන්ගතුකම පදසන කරමින්Continue reading “මෙහෙමත් මිනිස්සු”

පරිත්‍යාගය….

කුසයේ හොවා දරුවන් බිහි නොකළාට, ළැමේ කිරි සුවඳ හැමුවේ නැතිවාට, දහස් ගණන් නෙත් පාදා ලෝකයට, දරුවන් තැනුවේ අම්මා වී සැමට, අන් දරුවන් රැගෙන තම දරුවන් ලෙසට, ඇති දැඩි කළේ රජ සැප දී පෙර දවස, පවරා සියලු දේ අතහැර වනගතව, තනිවූ දිනේ කොහිදෝ ඒ දරු පිරිස, ඉක්මන් ගමන් ගිය හිමි ගුණ සිහිකරන, කළ පින් දහම් සිතContinue reading “පරිත්‍යාගය….”

සෙයිලමේ පහන් සිළ

මහල් ගොඩනැඟිලිවල යෝධ සෙවණැලි අතර සැඟ ව ගිය පැල්පතක පහන් සිළුවක් දකිමි සුවහසක් විදුලි එළි පිපී ඇති සෙයිලමේ නුඹ මොකද තනිවෙලා සබකෝලයෙන් වගේ කාණුවේ පල් වතුරෙ කුණු කන්දෙ අපුල් ගඳ දැනිලා ද මැලවුණේ සිනාසෙන නුඹේ වත පැල්පතේ නිමක් නැති අඩදබර අහලා ම ජීවිතය එපා වී නුඹ දුකින් හඬනවද? ජීවිතේ බර පොදිය සුළඟකට දන් දෙන්න එකContinue reading “සෙයිලමේ පහන් සිළ”

කවදාද? තවදුරද?

වදෙන් පොරෙන් එල්ලා ගෙන අතින් කරින් අල – ළුණු – පරිප්පු සීනි – පිටි – කරවල බෑග් මලු නැඟ ගත්තෙමි කෝච්චියට ‘සාඩින්ටින්’ පටවාගෙන ගාට ගාට යනවා බලන්න ‘කැත’ මූණු ගොඩක් මැදිරියෙ ලතැවෙනවා වවුල්ලු වගෙ එල්ලීගෙන පොලුවල පැද්දෙනවා එනමුදු උන් හදවත් වල පැන පොඩි ලියැවෙනවා “දෙන්න ඔය බඩුමල්ල” නැහැ කෙනෙක් ඉල්ලන එකිනෙකා දෙස බලති බියෙන් හාContinue reading “කවදාද? තවදුරද?”

හිනැහෙන්න හිනැහෙන්න එපා ඔබ ඔරවන්න,

පිබිදෙන්න පිබිදෙන්න මලක් සේ පිබිදෙන්න, විඳගන්න විඳගන්න ඉරේ රැස් විඳගන්න, එක්වන්න එක්වන්න සුළඟ හා එක්වන්න, මුමුණන්න මුමුණන්න ගීතයක් මුමුණන්න, හිනැහෙන්න හිනැහෙන්න හදවතින් හිනැහෙන්න, හිනැහෙන්න හිනැහෙන්න ඇස් දෙකින් හිනැහෙන්න, හිනැහෙන්න හිනැහෙන්න තුටු සිතින් හිනැහෙන්න, හිනැහෙන්න හිනැහෙන්න කටපුරා හිනැහෙන්න, වෙහෙසෙන්න වෙහෙසෙන්න වැඩපළේ වෙහෙසෙන්න, දුරලන්න දුරලන්න කුසීතය දුරලන්න, උපයන්න උපයන්න මිල මුදල් උපයන්න, හිනැහෙන්න හිනැහෙන්න ඉතිරි කර හිනැහෙන්න,Continue reading “හිනැහෙන්න හිනැහෙන්න එපා ඔබ ඔරවන්න,”

අකාල කවි………

සිනමාහලේ බැල්කනියෙදි බැඳ හාද, අම්මට හොරෙන් දුන් චොකලට් කෑවාද, ටිකටයෙ ලියු මගේ ලිපිනය ගත්තාද, ඉක්මන් ලෙසින් මට තොරතුරු එවනවද, ඉන්නේ බෝඩිමක මදුරුවෝ මකුණෝ කකා, යන්නේ ප‍්‍රයිවටයෙ තෙරපී විඳින දුකා, කන්නේ සයිවර්ය පොකටයේ ගාණ මකා, වෙන්නේ නිමා කවදාදෝ අපගෙ දුකා, ඔන්න මලේ චන්දය ඉල්ලා වරෙන්, මනාපයට පොඩී උන්ටත් වැඳලා වරෙන්, ප‍්‍රතිඵල අහනතුරු අඩියක් නොගහා ඉඳින්, පැරදුණContinue reading “අකාල කවි………”

ලොව එක පැවැත්මක් නැති හේතුව මන්ද?…..

දින සති මාස සක්වළ වට කැරකෙන්නේ, එක විදියට නොවේ ලෝකය පවතින්නේ, උදයට නැඟෙන්නේ සවසට බැස යන්නේ, හැම දහවලම රැයකිනි කෙළවර වෙන්නේ, වැඩි වී පීඩනය තද කරදර වින්ද, අබලන් සිරුරකට දිව ඔසුවකි නින්ද, පල්ලම පෙනෙන්නේ ඇති තැනදිය කන්ද, ලොව එක පැවැත්මක් නැති හේතුව මන්ද?, ඊයේ දුටු දෙයක්, දුටු විලසට ඊයේ, අද හමු නොවෙන එක පුදුමයි දියදායේ,Continue reading “ලොව එක පැවැත්මක් නැති හේතුව මන්ද?…..”

කරවන විස්මිත පුදුම රටක් ඇත…

මූලද්‍රව්‍ය නැති -නිපැයුම්    විස්මිත, රටක් ලොවේ ඇති කරවන නිර්මිත‍, ලෝක විද්‍යවතුන් කරවයි කම්පිත, පාරිභෝගික දන නොවේද ගර්භිත, වනමල් හෝ මී මැස්සන් නැත්තේ, එනමුත් මී පැණි බෝතල් ඇත්තේ, පොල් ද කිතුල් නෑ තෙලිදිය ගත්තේ, පැණි ද හකුරු රා ඇත ඒ පැත්තේ, තල්ගල් හෝ පැණි ගමේ අහලක නැති, හකුරු පෙට්ටිවල අසුරා විකුණති, දහයියා ලී කුඩු පදමට අඹරති,Continue reading “කරවන විස්මිත පුදුම රටක් ඇත…”