විශාදය හා සියදිවි නසා ගැනීම

ගෙවුණු කාල වකවාණුව පුරාවට කතාබහට ලක්වුණු ප්‍රධාන මාතෘකාවක් ලෙස සියදිවි නාසා ගැනීම පෙන්වා දෙන්න පුළුවන්.අපිට ජිවිතයට අයිතියක් ඇත.හැබැයි පුර්ව පින බලයෙන් ලැබුණු තම ජිවිතය නැති කර ගැනීමට අප කාටවත් අයිතියක් නැත.එය නිතීයෙන් පවා තහවුරු කර තිබේ.ඒ කෙසේ වෙතත් සියදිවි නාසා ගැනීම ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත් වී තිබෙනවා.මෙවැනි තත්වයන් ඇති වීමට ප්‍රධනතම හේතුව වන්නේ මානසික ගැටලූය.ඕනෑම පුද්ගලයෙකුට ජිවිතයේ ප්‍රශ්න පවතී.එම ගැටලුකාරී තත්ත්වයන් දීර්ඝ කාලීනව මනස තුළ තැන්පත් වීමෙන් මනස තුළ ව්‍යාකූලත්වයක් ඇති වී අයහත් සිතුවිලි මනසට ගලා ඒම සිදුවෙනු ලබයි.බොහෝ අය සියදිවි නසා ගැනීම පිළිබද ඒ පුද්ගලයාට දොස් පවරනවා විනා ඒ පිළිබද හේතු සොයන්නට සමත් වන්නේ නැත.කතාවක් තියෙනවා “ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනික වේ“.කියලා.සියදිවි නසා ගැනීම විශාදය හා සම්බන්ධ වේ.මෙය මානසික රෝගයකි.කායික රෝගයන්ට වඩා මානසික රෝග භායනක තත්වයක් උසුලයි.

සියදිවි නසා ගැනීමේ සිතුවිල්ලක් කියන්නේ මහාභායනක දෙයක්.ඒ සිතුවිල්ලේ දරා ගැනීමේ භායංකාර බව දන්නේ ඒ සිතුවිල්ල ඇති වු පුද්ගලයා පමණයි.එවැනි සිතුවිලි ඇතිවන්න එක් ප්‍රධාන කාර්යයක් හේතු වන බව කියන්න බැහැ.සමහර අයගේ එවන් සිතුවිලිවලට හේතුව සමහර විට හොයා ගන්නවත් බැහැ.ජිවිතයට එන ඍණාත්මක සිතුවිලි මේ සදහා හේතු වෙනවා.එවන් හේතු ලෙස

1 දිගින් දිගටම පවතින දුක
2 -ශරිරයට දැනෙන අප්‍රාණික බව
3 -සිතට සතුටක් නැති බව දැනීම
4 ජිවිත කාලය තුල යමි යමි දේ අහිමි වීමෙන් බලාපොරොත්තු ප්‍රාර්ථනා බිදි යාමෙන් ඇතිවන මානසික පිඩා.
5 ජිවිතයේ බොහෝකරදර බාධකවලට ගොදුරැ වීමෙන් ඇතිවන මානසික පීඩා.
6 මුලික අවශ්‍යතා සපුරා ගැනීමට යාමෙදි ඇතිවන ආර්ථික ගැටලු
7 රැකියා නොමැතිකම වැනි ප්‍රශ්න නිසා ඇතිවන මානසික අසහනය.
8 බරපතල ලිංගික අතවරයන්ට මුහුන දීම.
9 පවුල් ජිවිතයේදි විදින්නට සිදුවන අමිහිර වෙදනාකාරි සිදුවීමි සමග ඇතිවන පවුල් ප්‍රශ්න ගැටලු.
10 කුඩා කල සිටම දෙමාපියන් අහිමි වීම ආදරය සෙනෙහස අහිමි වීම

පෙන්වා දිය හැකිය.විශේෂයෙන් නූතනය තුළ ප්‍රේම සබදතා බිදි යාම තුළින් ඇතිවන මානසික පීඩනය නිසා සියදිවි නසා ගැනීම් පසුගිය කාලවකවාණුව තුළ වැඩි වශයෙන් දක්නට ලැබුණි.

පුද්ගලයෙකු විශාද රෝගයෙන් පෙළෙනවානම් ඒ පුද්ගලයාට සතුටක් දැනෙන්නේ නැහැ.බොහෝ කළකිරුණු දුක්මුසු ස්වභාවයෙන් තමයි ජිවත් වෙන්නේ.ඒ වගේම විවිධ ශාරීරික ආබාධ ගැන එනම් නින්ද යාම පිළිබද ගැටලු,ආහාර අරුචිය,ජිවිතයේ අස්ථිරභාවය පිළිබද කියවයි.ඒවැනි සිතුවිලි තමාගේ මනසට පැමිණි විට එම සිතුවිලි බවත් කර ගැනීමට කටයුතු කළ යුතුය.සිතුවිල්ලක් ආ පමණින් කල්පනා කරන්න.සිතුවිලි ගලා ඒම සාමාන්‍ය දෙයකි.නමුත් කිසිදු සිතුවිල්ලක් ස්ථිර නැත.සිතුවිලි නිතර නිතර වෙනස් වේ.එවැනි සිතුවිල්ලක් සිත කරා පැමිණියහොත්

  • ඔබ සතුටු වු මොහොතක් සිහි කරන්න.ඔබේ ජිවිතේ ලබා ඇති ජයග්‍රහණ පිළිබද සිහි කරන්න.

  • සංගීතය රස විදින්න.ඔබේ මනස සැහැල්ලු වේවි.

  • මේ මොහොතේ එළබෙන සිහියෙන් ඉන්න.මොකද තත්පරයෙන් සිතුවිල්ල වෙනස් වෙන්න පුළුවන්.

  • ඔබට විශ්වාසවන්ත වූ පවුලේ සාමාජිකයකු හෝ සමීප මිතුරකු සමඟ ඔබට ඇති වන හැඟීම් ප්‍රකාශ කරන්න.

  • නිවැරදි වෘත්තීය සහාය ලබා ගන්න. මෙහිදී සෞඛය සේවකයකු, වෛද්‍යවරයකු හමුවී ඒ පිළිබඳව කථා කරන්න.

  • දෛනික ආහාර පෙළ නියමිත පරිදි ලබා ගැනීමටත්, ප්‍රමාණවත් නින්දක්‌ ලබා ගැනීමටත් පුරුදු වන්න.

එම නිසා යම් කිසි පුද්ගලයෙකුට සියදිවි නාසා ගැනීමේ සිතුවිල්ලක් පැමිණි විට කල යුතු හොදම දේ වන්නේ තමාට වඩා විශ්වාසදායක පුද්ගලයෙකු සමඟ තම ගැටලු කතා කිරීමයි.මෙහිදී සවන් දෙන්නා මනා බුද්ධියයෙන් යුතුව ඔහුට කතා කිරීමට ඉඩ දී මනෝ උපදේශකවරයෙකු වෙත යොමු කිරීම කළ යුතුය.මෙම කරුණු පිළිපැදහොත් ඔබට මාරයා පරාජය කිරීමට හැකියාව උදාවනු නොඅනුමානය.

ජිවිතය යනු වටිනා දෙයකි.එය නැති කර ගැනීම මහත් පවකි.මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ පෙර වාසනාවෙනි.දෙමාපියන් දුක් මහන්සියෙන් ඔබම හඳන්නේ ඔවුන් ඔබ ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙනය.ඒ අයගේ නෙතට කදුලක් දීමට වන්න තරම් කොයි මොහොතකවත් සිතන්න එපා.ඔබට බොහෝ අවස්ථාවලදී එන ගැටලු හමුවේ ජීවිතය එපා විය හැකිය.ඒ අවස්ථාවලදී ඔබ කල යුත්තේ ජීවිතයෙන් පලා යාම නො ජිවිතයට අභියෝගයක් කිරීමයි.කොයි මොහොතකවත් වැටෙන්නට එපා.ජිවිතේ පරාද වුණු පුද්ගලයන්ගැන නොව ජිවිතය වෙර වීර්යයෙන් දිනපු අය ආදර්ශයට ගන්න.ඔබේ සිතේ ගැටලු පවතීනවා නම් ඒ ගැටලු මනස තුළ පල් වන්නට ඊඩ නොදී ඔබ දන්නා විශ්වාසවන්ත කෙනෙකු සමඟ අදහස් බෙදා ගන්න.එවිට ඔබේ මනසට සැහැල්ලුවක් ලැබෙවි.ඒ වගේ මනෝ උපදේශකවරයෙකු වෙත ගොස් ඔබේ ගැටලු පවසා විසදුම් ලබා ගන්න.අද ඕනෑ තරම් මනෝ උපදේශන මධ්‍යස්ථාන පවතී.එවන් උපදේශකයෙකු හරහා ඔබේ ගැටලු නිරාකරණය කරගෙන ජිවිතය ධනාත්මක කරගන්න.විදින්න තියෙන ජිවිතේ විඳවන්න එපා.ඔබට ජය.

8 thoughts on “විශාදය හා සියදිවි නසා ගැනීම

  1. Very good topic to today. as well as you had talked to peoples mind in simply. First of all we must keep few minutes to think about my life. Life is going on Difficult Road. Some Time we have to face unbelievable Problems. But all Question has a One answer. some time it can be wrong. BUT IT IS NOT SUICIDE.

  2. වටිනා කාලීන මාතෘකාවක් වගේම සියදිවි නසාගන්න හිතන කෙනෙකුගේ සිතුවිල්ල වෙනස් කරන්න තරම් ප්‍රබල ලිපියක්. මෑත කාලයේ සියදිවි නසාගැනීම් වලට ලැබෙන ප්‍රචාරයත් එක්ක ගොඩ දෙනෙක් හිතන්නෙ ඒක තමයි ප්‍රශ්න වලට විසඳුමක් හොයන්න තියන ෂෝට්කට් එක කියල. ප්‍රශ්න නැති ජීවිත හැමෝටම තියනවනම් හොඳයි. ඒත් ජීවත් වෙනව කියල දැනෙන්නෙ චූටියට හරි ප්‍රශ්නයක් තියනකොටද මන්දා??

    ස්තූතියි මේ වගේ මාතෘකාවක් තෝරගත්තට

    1. ප්‍රශ්න තියෙන කොට තමයි ජිවිතේ ලස්සන.ගඟක් උනත් ලස්සන ගල් මුල්වල හැපිලා ගලනකොට.බොහොම ස්තුතියි

      1. ඔව්.

        ඒත් හැමදාම එන්නෙ ප්‍රශ්න විතරක්නම් දරාගන්න අමාරු අවස්ථා එන්න පුළුවන්.

        ඔයා ලිපියෙ සඳහන් කරපු විසඳුම් එක්කම විනෝදාංශයකට ටිකක් වැඩිපුර අවධානය දෙන එකෙනුත් ඔය වගේ සිතුවිලි ඇතිවෙන්න යන එක යටපත් කරන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නෙ.

Leave a comment