කරවන විස්මිත පුදුම රටක් ඇත…

මූලද්‍රව්‍ය නැති -නිපැයුම්    විස්මිත,
රටක් ලොවේ ඇති කරවන නිර්මිත‍,
ලෝක විද්‍යවතුන් කරවයි කම්පිත,
පාරිභෝගික දන නොවේද ගර්භිත,

වනමල් හෝ මී මැස්සන් නැත්තේ,
එනමුත් මී පැණි බෝතල් ඇත්තේ,
පොල් ද කිතුල් නෑ තෙලිදිය ගත්තේ,
පැණි ද හකුරු රා ඇත ඒ පැත්තේ,

තල්ගල් හෝ පැණි ගමේ අහලක නැති,
හකුරු පෙට්ටිවල අසුරා විකුණති,
දහයියා ලී කුඩු පදමට අඹරති,
සාම්බ්‍රානි හරි හරියට මුසු වෙති ,

පොල්තෙල්  මෝලෙන් මොටද ගෙනෙ‍න්නේ,
“ෆාම් ඔයිල්” පොල්තෙල් කරගන්නේ,
පොල්  අතු හට් මැටි ඇතිලි පේන්නේ
ගමේ බෑම “කේටරින්” ය දෙන්නේ,

උණු උණුවේ මස් මාළු -තිබෙනවා,
සීතල වෙන විට යළි -උණුවෙනවා,
“අයිස් ක්‍රීම්” යෝගට් -කැද වෙනවා,
“ඩීප් රීසරෙන්”- යළි පණ දෙනවා,

කොණ්ඩ කැවුම් පැණි- නමක් කියනවා,
සීනි බිබික්කම -අච්චුව දෙනවා,
මාලු පාන්යයි -නම කියවෙනවා,
බතල මාලු වී- ඇතුලෙ තියෙනවා,

පාන් රාත්තල -සම්මුති නා‍මේ,
බර තුන්සීයයි -කිරුවොත් ග්‍රෑ‍මේ,
නැති දේ පෙන්වන- කිරියා දාමේ,
ඇති විට ඇත්තක් -දකින්නේ කෝමේ,

Leave a comment