හිනැහෙන්න හිනැහෙන්න එපා ඔබ ඔරවන්න,

පිබිදෙන්න පිබිදෙන්න මලක් සේ පිබිදෙන්න,
විඳගන්න විඳගන්න ඉරේ රැස් විඳගන්න,
එක්වන්න එක්වන්න සුළඟ හා එක්වන්න,
මුමුණන්න මුමුණන්න ගීතයක් මුමුණන්න,

හිනැහෙන්න හිනැහෙන්න හදවතින් හිනැහෙන්න,
හිනැහෙන්න හිනැහෙන්න ඇස් දෙකින් හිනැහෙන්න,
හිනැහෙන්න හිනැහෙන්න තුටු සිතින් හිනැහෙන්න,
හිනැහෙන්න හිනැහෙන්න කටපුරා හිනැහෙන්න,

වෙහෙසෙන්න වෙහෙසෙන්න වැඩපළේ වෙහෙසෙන්න,
දුරලන්න දුරලන්න කුසීතය දුරලන්න,
උපයන්න උපයන්න මිල මුදල් උපයන්න,
හිනැහෙන්න හිනැහෙන්න ඉතිරි කර හිනැහෙන්න,

පිළිගන්න පිළිගන්න හිනාවෙන් පිළිගන්න,
සමුදෙන්න සමුදෙන්න හිනාවෙන් සමුදෙන්න,
සැනසෙන්න සැනසෙන්න ලද දෙයින් සැනසෙන්න,
හිනැහෙන්න හිනැහෙන්න එපා ඔබ ඔරවන්න,

හිනැහෙන්න හිනැහෙන්න දුකට පිටුපා යන්න,
හිනැහෙන්න හිනැහෙන්න සතුට ළං කරගන්න,
හිනැහෙන්න හිනැහෙන්න මූදෙව් එළවන්න,
හිනැහෙන්න හිනැහෙන්න සීදේවි ගෙට ගන්න,

3 thoughts on “හිනැහෙන්න හිනැහෙන්න එපා ඔබ ඔරවන්න,

Leave a comment