කවදාද? තවදුරද?

වදෙන් පොරෙන්
එල්ලා ගෙන අතින් කරින්
අල – ළුණු – පරිප්පු
සීනි – පිටි – කරවල
බෑග් මලු
නැඟ ගත්තෙමි කෝච්චියට

‘සාඩින්ටින්’ පටවාගෙන ගාට ගාට යනවා
බලන්න ‘කැත’ මූණු ගොඩක් මැදිරියෙ ලතැවෙනවා
වවුල්ලු වගෙ එල්ලීගෙන පොලුවල පැද්දෙනවා
එනමුදු උන් හදවත් වල පැන පොඩි ලියැවෙනවා

“දෙන්න ඔය බඩුමල්ල”
නැහැ කෙනෙක් ඉල්ලන
එකිනෙකා දෙස බලති
බියෙන් හා සැකයෙන
“ඔබේ ළඟ විය හැකිය
ඊළඟට පුපුරන!”
“කවදාද? තවදුරද?
දිනය බිය දුරලන…”

Leave a comment