මට සලකන හැටි….

ලුණු කැට මිරිස් කරලත්, පොල් අඹරාලා, බත්පත රස කෙරුව කට දිව පිනවාලා, පාපිසි ගෝනි කඩමාලු ද පොරවාලා, ඇත අද මිරිස්ගල පිළිකන්නට දාලා, උම්බලකඩ කෑලි රස කර අඹරනවා, ඒවා සකස්කර වෙන අය පිනවනවා, ගෙවි ගෙවි ඇඹරුනත් විටකදි සැනසෙනවා, වළලු දාපු අත ගෙල වට සරසනවා, දවසට තුන්වේල කෑමට නලියනවා, මගෙ ගත ගෙවි ගෙවී ඔප මට්ටම් වෙනවා, ඉස්සරContinue reading “මට සලකන හැටි….”

සම්මත අසම්මත………..

නිදහස – බලය – සුව පහසුව – ඉසුරු මලු, බරවුණ විට “අසම්මත “ පළ දරන සුලු, අසුවුණ විට තැලෙන යකඩය නොවැද මුලු, ආචාරියා උඩ පැන පැන තලන වලු, මිනිහා සුව පහසු යස ඉසුරුම සෙව්ව, සිටියොත් උදාසීනව නැත පිළි රැව්ව, දෙවියා කෙසේ සිතුවත් ලෝකය මැව්ව, කැඩුණට අම්බලම කොට වේවිද ගව්ව, විය හැකි නොවිය හැකි දේ ගැනContinue reading “සම්මත අසම්මත………..”

බුලත් හෙප්පුව……

මුත්තගෙ පරපුරෙහි සිට පැවතුම දුරය, අත්පිට තබන තැන මිතුදමකට බරය, නෙත් අබිමුවෙහි ඉඳහිට හමුවන වරය, පිත්තල බුලත් හෙප්පුව ළඟමය ගිරය, එහි කළු පුල්ලි කල්ගතවී බැඳෙන ලද, පිස දා පළමු දුහුවිලි ඉරි තිබුණු ඇඳ, දෙහි යුෂ ගඩොල් කුඩු මුහුකර බලපු මැද, විහිදුණු නවමු පෙණුමද, මතකයකි අද, ගෙට එන අමුත්තන් හට පිළිගැණුම වුණේ, විට කන බුලත් හෙප්පුවContinue reading “බුලත් හෙප්පුව……”

දුර ඈත පොල්…

සදෙව් ලොවේ අතු ගෑවෙන තුරු මුදුනා, ඉහළ ගියේ නුඹ මුල අමතක කරලා, බලන් පහළ දුක් කතාව හිස නමලා, මුල ඇත්තේ අපාය වෙත පහු බැහැලා, පරසතු මල මහමෙර පත්ලේ එළලා, පොල් මල පුදා සක් දෙව්දුට කැප කරලා, දිව්‍ය සුරා සැල්වල ලයිසන් කපලා, තිස්තුන් කෝටිය ම අද රා පැන් නාලා, විෂ්ණු දිව්‍ය රාජයාට පොල් කවලා, අලක පුරේContinue reading “දුර ඈත පොල්…”

හෙට ලොව උපදීවි හදවත් නොමැති ළමයි…..

තුරුයට සෙවණ ලැබ අතු ඉති සිඳ ලන්නේ, තිබහට වතුර බීව් පසු එහි පහරන්නේ, නැඟගත් ඉණිමඟට පා පහරකි දෙන්නේ, මිනිසා මිනිස් කමටයි මේ ගරහන්නේ, වාසිය ළගදි කබරුන් තලගොයි වැන්න, ඕනෑකම හමුවෙ නෑකම පරදන්න, මතකය වුවද අමතක කර හිනැහෙන්න, මිනිසට හැකිය දිය යට ගිනි අවුලන්න, තම විලි වසාගෙන අතැඟිලි එකතු කොට, අනුනගෙ වතෙයි අඬු ලුහුඬුව සොයන විට,Continue reading “හෙට ලොව උපදීවි හදවත් නොමැති ළමයි…..”

වංගෙඩිය ඇයිද අද ගෙයි මුල්ලෙ සැඟවෙලා,…

සිහල අවුරුදු සමයෙ – උකුළ බඳ සීල සලා, ගැමි ළඳුන් පිටි කොටා, කැවිලි පිළියෙල කළා, එවැනි මෙහෙයක යෙදුණු කුස්සියේ හිර වෙළා, වංගෙඩිය ඇයිද අද ගෙයි මුල්ලෙ සැඟවෙලා, වාණිජය රජ කරන මෙවැනි සමයක නොමඳ, සැඟවිලා නිසසලව සිටින සැටි හරි නොවෙද, කළ ගුණය නොහඳුනන කෙනකු දුටුවොත් සබඳ, පොරවකින් කෑලි කර, දරට ගන්නට බැරිද?

රස කතා – දැන් නෑ…….

නැතිවුණු පුහුල ගැන සෙවුමට ගම ලොක්කා, ගම් වැසියන්ට තම මිදුලට ගෙන දක්කා, ඇහුවම කරේ සුදු පාටට ඔය මක්කා, පුහුලේ හොරා කර බලනව ඔහු දැක්කා, සොයමින් කෑම යනවිට බඩගිනි නරියෙක්, මැස්සක ඉහළ දැක මිදි ගෙඩි ඉදුණු වැලක්, ගන්නට කඩා පැන්නත් උඩ කීප වරක්, බැරිවුණ විටදි කීවලු මිදි ඇඹුල් බවක්, මට දුන් නිසා උස බඳුනක බොන්න දිනක්,Continue reading “රස කතා – දැන් නෑ…….”

ජන්ම ගතිය……

විමසා කලින් නොබලා හෙට අනාවක්, ලැබගෙන සිටින මහ තිරිසන් දසාවක්, කරුණක් නොවී මතුවන මුව හිනාවක්, ගොනා තප්පුලනු මිස නැහැ කතාවක්, ලොව විදු මඟට ඇදෙමින් නිතර වේගෙනී, රැඳි පරිසරය දින දින සතුට බාගනී, තිබුණත් නැතත් හැමදිනයක ම සාගිනී, ඌරා කොතන හිටියත් මඩම නාගනී, ලොවට කපටිකම ගැන කියනුවට ඉඩක්, බලු පරපුරෙ නෑකම් කියන ඇති හැඩක්, සිටියත් මොනContinue reading “ජන්ම ගතිය……”

සීපද ටිකත් අද තාලෙට ගැලපෙන්න…

එවරස්ට් කන්ද දුම්බාලා දුම් සිංදු ප්‍රංසයෙ වැලක මිදි ඉදිලා මී බිංදු සියොල් නගරෙ හිම වැටිලා හිම බිංදු නයිල් ගඟේ ඉඳී මලකට රැප් සිංදු බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට පීසා එකක් දුන්නයි සිලි කවරෙකට පීසා නොකා බැස ගේ ළඟ කඩයකට ණය වී පුතේ කිරි දුන්නේ මම නුඹට සමහරු දැන උගත් කම් ටික පෙන්වන්න සංරක්ෂණContinue reading “සීපද ටිකත් අද තාලෙට ගැලපෙන්න…”

ගලන ගඟයි… ජීවිතයයි…

ගමන මන මෝහනය ලාලිතය ඔප දමයි ඇදෙන මඟ තුළ වරෙක රැඳුනෙ බිහිසුණු කමයි සිතෙන විට හැඟෙන්නේ එවැනි දේ ගැන තමයි ගලන ගඟ බලනු මැන, ජීවිතය හා සමයි බරට යන මඟ ඇතත් කටු කොහොල් බැමි පිරී සිතට නැහැ වගක් වත් සිනා උතුරයි කිරී පෙරට යනු මිසක් නැහැ, ගඟක් ආපසු හැරී අපට විතරක් කිමද, එහෙම වෙන්නට බැරිContinue reading “ගලන ගඟයි… ජීවිතයයි…”